දේශීය

පෙත්සම් විභාගය අවසන් වන තෙක් මනාප අංක නිකුත් නොකරයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගය අවසන් වන තෙක් මනාප අංක නිකුත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.   

මහ මැතිවරණයට අදාළ මනාප අංක නිකුත් කිරීම ඊයේ (13) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණ ද එය තාවකාලිකව කල් දැමීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර අදාළ පෙත්සම් ලබන 18 සහ 19 යන දිනවල දී සලකා බැලීමට නියමිතයි.

එම පෙත්සම් විභාගය අවසන් වීමෙන් පසු මනාප අංක නිකුත් කිරිම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම මේ මස 20 වනදා ද යළිත් රැස්වීමට තීරණය කර ඇත.

Related posts

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රමිකයන්ට දිස්ත්‍රික්ක වශයෙන් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථාන

Mohamed Dilsad

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයට අතිපූජ්‍ය මක්කුලාවේ විමල අනු නායක හිමියන් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment