දේශීය

ශ්‍රී ලන්කන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුමේ කාලය දීර්ඝ වෙයි

(UTV | කොළඹ ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවිම මැයි මස 31 වන දින දක්වා දීර්ඝ කිරිමට තිරණය කර තිබේ.

විවිධ රටවල් විසින් ගොලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සිමාවන් අඛන්ඩව ක්‍රියාත්මක වන හෙයින් මෙම අත්හිටුවිම සිදුකර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

කෙසේ වෙතත් රජයට සහය දැක්වීම සඳහා අත්‍යාවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ.

මෙම අවධානම් කාල පරිඡේදය තුළ දී පවා ගුවන් සමාගම විදේශ විනිමය තුළින් අත්‍යාවශ්‍ය ආදායමක් රට තුළට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

මේ අතර සෙසු ශ්‍රී ලාංකිකයින් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් අවශ්‍ය විටෙක සහ අවශ්‍ය පරිදි විශේෂ මගී ගුවන් ගමන් ක්‍රියාත්මක කිරිමද සිදුවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටේ

Mohamed Dilsad

පාසැල් පෙළ පොත් කට්ටල තොගයක් සොයා ගනී

Mohamed Dilsad

ආරක්ෂක අංශයේ 10,000කට විදෙස් රැකියා අවස්ථා

Mohamed Dilsad

Leave a Comment