දේශීය

එංගලන්තයෙන් නීතිවිරෝධීව ගෙන්වූ අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට පියවර

(UTV | කොළඹ) – එංගලන්තයේ සිට නීතිවිරෝධීව රැගෙන ආ පරිසරයට අහිතකර කසළ බහලූම් තොගය යළි ප්‍රතිඅපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබේ.

පසුගිය වසරේ මෙරටට ගෙන්වා ඇති එම අපද්‍රව්‍ය බහලුම් යලි එම රටට යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

මෙම කසල බහලූම් තොගය මේ වනවිට ගබඩා කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන භූමියකයි.

පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමට අනුව එම කසළ තොගය යළි ප්‍රතිඅපනයනය කිරීමට අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළේය.

මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ මෙම පාරිසරික ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කරන දේශිය හා විදේශිය ආයතන සමග එක්ව රාජ්‍යතාන්ත්‍රික ලෙස අවශ්‍ය ගිවිසුම් ගතවිම සහ ඊට අදාලනීතිමය පියවර ගනිමින් සිටින බවයි.

Related posts

අද දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

Mohamed Dilsad

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 443ක්

Mohamed Dilsad

Leave a Comment