දේශීය

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැත

(UTV| කොළඹ) – කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැති බවට සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත රෝග විද්‍යා අංශය කොවිඞ් 19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී සඳහන්කර තිබේ.

ඒ , එම කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී රැස්වූ අවස්ථාවේදීයි.

ක්‍රමයෙන් රට විවෘත වීමත් සමග වෛරසය පැතිරයාම පාලනයට පනවා ඇති නීති රීතිවලට ජනතාව අනුගත වන්නේ ද නැත්ද යන්න පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය උපදෙස් කඩ කරන පුද්ගලයන්ට දැඩි නීතිමය පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන බව ද අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

Related posts

අඩු ආදායම්ලාභි පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදන කට්ටල

Mohamed Dilsad

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව කල්යයි

Mohamed Dilsad

රන්ජන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment