දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දෙවන ගමන ජපානයට

(UTV | කොළඹ ) – ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ජපානය දක්වා ක්‍රියාත්මක කර තිබේ.

සිය මෙහෙයුම් ආරම්භ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගියදා ලන්ඩන් සහ පාකිස්ථානයේ කරච්චි දක්වා ගුවන් මෙහෙයුම් සිදු කළේය.

ඊයේ (14) රාත්‍රී 07.20ට තම සීමිත ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරිමේ වැඩසටහන යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 454 දරණ ගුවන් යානය ජපානයේ නරීටා වෙත ගමන් ආරම්භ කළ බව අද දෙරණ ගුවන්තොටුප වාර්තාකරු සඳහන් කළේය.

මෙහි මගීන් 157 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 16 දෙනෙකු ජපන් ජාතිකයින් වන අතර සෙසු පිරිස කටුනායක ගුවන්තොටුපලෙන් ජපානය වෙත පිවිසිය හැකි සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික සහ විදේශිකයින් 141 දෙනෙකු බව වාර්තා වෙයි.

මෙම ජපන් ජාතිකයින් 16 දෙනා ඊයේ දහවල් මාලදිවයිනේ සිට මෙරටට රැගෙන ආ ගුවන් මගීන් වෙයි.

ඔවුන් ව්‍යාපාරික පංතියේ ආසන වල 10 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 147 ක් ද වශයෙන් අසුන් ගෙන ඇත.

Related posts

සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

ඉස්ලාම් බැතිමතුන්ගේ මිලාදුන් නබි උත්සවය : ජනපතිගෙන් සුභ පැතුම් පණිවිඩයක්

Mohamed Dilsad

වරාය නගරය නැරඹීමට පැමිණි පිරිස 89,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment