දේශීය

රතුපස්වල නඩුව යළි විභාගයට දින නියම වෙයි

(UTV | ගම්පහ) – රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන ජුලි 17 වනදා යළි විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) තීන්දු කර තිබේ.

ඒ මේනකා විජේසුන්දර, නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි යන විශේෂ විනිසුරු මඩුල්ල හමුවේ එය විභාගයට ගත් අවස්ථාවේදීයි.

මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් සිව්දෙනා හට අධි චෝදනා 75 ක් පවරා ඇති අතර ඔවුන් අද මහාධිකරණය හමුවේ පෙනී සිටි බව සඳහන්.

Related posts

තවත් කොවිඩ් මරණ 21 ක්

Mohamed Dilsad

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හෙට සිට වැඩ

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment