දේශීය

පොහොර වැඩි මිලට අලෙවිකරන්නන්ට දැඩි නීතිමය පියවර

(UTV | කොළඹ) – පොහොර සගවා තබාගෙන සිටින සහ වැඩිමිලට අලෙවිකරන පුද්ගලයන්ගේ නියෝජිත බලපත්‍රය තහනම් කර පොදු දේපල පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා පවසයි

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොහොර අලෙවි කිරීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුවන්නේනම් වහාම ඒ පිළිබඳ අදාල අංශ දැනුවත් කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පොහොර මිල පාලන ගැසට්පත්‍රය ඉදිරි සති දෙක තුල නිකුත් කිරීමට නියමිත බවයි.

Related posts

කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

යුධ හමුදාපතිගෙන් ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

“ජනපති තෝරන පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා කරන්න එපා”

Mohamed Dilsad

Leave a Comment