දේශීය

ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාග සහතික online ක්‍රමයට

(UTV | කොළඹ) –  අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් නිකුත් කරනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයන්හි සහතික පත් ලබාගැනීම වෙනුවෙන් අමාත්‍යාංශය වෙත පැමිණීම වෙනුවට මාර්ගගත (online) ක්‍රමයට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රාචීන භාෂෝපකාර සමාගම සඳහන් කරයි.  

රට තුළ මතුව ඇති කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සහතික පත් අයදුම්කරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීමේ දී සිදු විය හැකි අපහසුතා පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම පහසුකම සලසා ඇත.

ඒ අනුව, ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ www.oriental.lk වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් අයදුම්කරුවන්ට මෙම සහතික පත් සඳහා අයදුම් කළ හැකිය.

Related posts

බිත්තරයක් 40ට නගී

Mohamed Dilsad

22 වන මරණය කොවිඩ් මරණයක් ලෙසට නොසැලකේ [RELEASE]

Mohamed Dilsad

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ

Mohamed Dilsad

Leave a Comment