දේශීය

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ

(UTV | කොළඹ) – ඊයේ (14) පස්වරුවේ ඇරඹි පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව මෙවර පැවැත්වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

මෙවර ආසියානු කලාපය වෙනුවෙන් කරුණු දැක්වීම සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය විසිනි.

රටවල් 54 ක් සහභාගී වු මෙම සමුළුව දී සියලුම රටවල් විසින් කොවිඩ් මර්දනය සඳහා දායක වීමේ වැදගත්කම ද අවධාරණය විය.

කොවිඩ් 19 වෙනුවෙන් ආසියාව තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ක්‍රියාකරන ආකාරය මෙන්ම මෙම වසංගතය නිසා ආසියාතික කලාපයට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග පිළිබඳව අමාත්‍යතුමිය කරුණු විග්‍රහ කරනු ලැබීය.

ලොව තිබෙන ආරක්ෂාකාරීම ආචාර කිරීම මෙම ආසියානු කලාපය තුළ ඇති බව පවසමින් මෙවැනි අපගේ සුවිශේෂි සිරිත් ඉදිරියටම කරගෙන යා යුතු බව ද පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus ද මෙම සමුළුවට එක්වෙමින් කොවිඩ් වසංගතය පවතින මොහොතේ වුවද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් මෙම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වීම ඉතා අගය කළ යුතු බව පැවසු අතර, මෙසේ ර‍ටවල් එකමුතුව තම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් මෙම උවදුරට සාර්ථකව මුහුණ දිය හැකි බව ද අවධාරණය කළේය.

මෙම සමුළුවේ තාක්ෂණික ඉදිරිපත් කිරීම පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති විසින් ඉදිරිපත් කළ අතර මෙවර එම සභාපතිධුරය උසුලන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මියයි.

Related posts

තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහන කාලයක්

Mohamed Dilsad

දිවයින පුරා එක්ලක්ෂ තිස්දහසක් ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment