දේශීය

උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලාවන්ට අයැදුම් කිරීමේ කාලය දීර්ඝ වෙයි

(UTV| කොළඹ) –  උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ වැඩසටහනෙහි සිව් වන කණ්ඩායම බඳවා ගැනීම සඳහා online අයඳුම්පත් කැඳවන අවසන් දිනය දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශය විසින් 2016, 2017 හා 2018 වසරවල අ.‍පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත රාජ්‍ය නොවන ‍උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලාවන් සඳහා ඉල්ලුම් කිරීම මෙලෙස කාලය දිගු කර ඇත.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2020.03.23 වන දින ලෙස ප්‍රකාශයට පත් කළත් කොරෝනා  හමුවේ අවසන් දිනය දින නියමයක් නොමැතිව කල් දමනු ලැබීය.

පසුව උසස් අධ්‍යාපන ප්‍රමුඛතාවයන් සලකා බලමින් එහි අවසන් දිනය මැයි මස 20 වන දින තෙක් ශිෂ්‍ය ණය අංශය ප්‍රකාශයට පත් කර ඇත.

‍මෙම අයඳුම්කරුවන් සඳහා සම්මූඛ පරීක්ෂණ කටයුතු දැනට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සලකා බලා Microsoft Teams මෘදුකාංගය ඔස්සේ  2020 ජුනි 1 වන දින සිට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සියලු විස්තර අයදුම්කරුවන්ගේ ඊ මේල් ලිපිනයන් මඟින් ලබාදීමට නියමිතව ඇත.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂම, මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ඉල්ලයි.

Editor O

‘ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්න එපා’

Mohamed Dilsad

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග සංවර්ධනය ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment