දේශීය

රවීගේ පෙත්සම විභාගයට අවසර

(UTV | කොළඹ ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු 7 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රීට් පෙත්සම් පිළිබඳ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම ජුනි මස 19 වනදා සිදුකිරීමට අවසර හිමිවී තිබේ.

ඊයේ (15) ඒ අදාළ පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එච්.එම්.ඩි. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ද එදින සිදුකිරීමට නියමිතයි.

පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ 2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් තුලින් රජයට රුපියල් බිලියන 51.98ක පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය පසුගිය වසරේ මාර්තු 6 වනදා තමන්ට වරෙන්තු නිකුත් කළ බවයි.

එම වරෙන්තුව බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

Related posts

අංගොඩ ලොක්කාට සහය දුන් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු අමාත්‍ය ටී.බී.ඒකනයක මහතා අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment