සේයා පුවත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ කාලගුණ තත්ත්වය

(UTV | කොළඹ) – බටහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල මිලිමීටර් 150 කට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කර තිබේ.

මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑම් සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ කුරුණෑගල , නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

එසේම පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවු  ප්‍රදේශවල ජනතාව නායයාම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අගවා ඇත.

Related posts

හයිද්‍රාබාද්හි ස්වර්ණාභරණ වෙළෙඳුන් පිරිසක් රනින් මුහුණු ආවරණ නිර්මාණය කරයි

Mohamed Dilsad

ජා ඇල සහ සීදුව ප්‍රදේශවල මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය

Mohamed Dilsad

පාසැල් ආරම්භ කිරීමට ඇති සූදානම

Mohamed Dilsad

Leave a Comment