දේශීය

නාවිකයන්ගේ පවුල්වල තවත් පිරිසක් නිරෝධායනය අවසන්කර පිටත් වෙයි

(UTV| කොවිඩ් 19 ) –  තවත් නාවික හමුදා සාමාජිකයන්ගේ පවුල් 11 කට අයත් සමාජිකයින් 49 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර  පිටත්ව ගොස් ඇත.  

මෙහිදී හබරාදුව පොලිස් ගොඩනැගිල්ලේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පවුල් 04 කට අයත් පුද්ගලයින් 18 ක පිරිසක් සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 07 කට අයත් පුද්ගලයින් 31 ක් වශයෙන් නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 11 කට අයත් පුද්ගලයින් 49 ක පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරන ලදී.

මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ද ප්‍රදානය කළහ.

මෙම සියළුම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටව ගියද තවත් දින 14ක කාලයක් ඔවුන්ගේ නිවෙස් තුල සිට ස්වයං නිරෝධායනය වීමට කටයුතු කෙරෙනු ඇත.

Related posts

වී කිලෝව රුපියල් 150යි.

Editor O

රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්නට ද කොරෝනා

Mohamed Dilsad

ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment