දේශීය

මරදගොල්ල ප්‍රදේශයේ පවුල් 30 කට අයත් පිරිසක් අවතැන්

(UTV| මරදගොල්ල) – ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් මාඔයට ජලය ගලා බසින දියහොද ඇල පිටාර ගැලීමෙන් මරදගොල්ල ග්‍රාම සේවා වසමේ ජීවත් වන පවුල් 30 කට අයත් පුද්ගලයින් 120 දෙනෙකු පමණ අවතැන් වී ඇත.

අවතැන් පිරිස මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

රුවන්වැල්ල, ගුරුගොඩ ඔය සහ ඊට සම්බන්ධ සියළු ඇල මාර්ගවල ජලය පිටාර ගැලීමෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන තිබේ.

මේ හේතුවෙන් කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කොටියාකුඹුර ඉන්ධන පිරවුම්හල, මත්තමගොඩ සහ තලොවිට ප්‍රදේශ අසල මාර්ගය ජලයෙන් යටවී ඇති බව ද පොලිසිය පවසයි.

Related posts

තෙල් මිල පහළ ට

Mohamed Dilsad

ජ’පුර සිසුවාගේ අනතුර සම්බන්ධයෙන් සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රනිල්ගේ නිවසට CIDය යයි[UPDATE]

Mohamed Dilsad

Leave a Comment