දේශීයව්‍යාපාරික

ලංකාවේ තේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළට

(UTV | රත්නපුර) –  ශ්‍රී ලංකාවේ තේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියත් සමග බලපෑ හේතු කිහිපයක් මුල් කරගෙන මෙලෙස තේ මිල ඉහළ ගොස් ඇති බව තේ අපනයනකරුවන් සඳහන් කරයි.

වාර්ෂිකව මෙරට තේ කිලෝ ග්‍රෑම් මිලියන 320ත් 340ත් අතර ප්‍රමාණයක් අපනයනය කරන අතර, ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 1 දශම 5 වාර්ෂික ආදායමක් මෙරටට හිමි වේ.

කොළඹ තේ වෙන්දේසියේදී අමු තේ කොළ කිලෝ ග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 85 ත් 100 ත් අතර මුදල පසුගිය අප්‍රේල් මාසයේදී රුපියල් 130 දක්වා ඉහළ ගොස් ගියේය.

එමෙන්ම නිමි තේ කිලෝ ග්‍රෑමයක් සඳහා ලැබුණු රුපියල් 350ත් 500ත් අතර මිලද රුපියල් 750 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම රත්නපුර දෙල්වල නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන බී.ඕ.පී. 1 කාණ්ඩයේ නිමි තේ කිලෝ ග්‍රෑමයක් රුපියල් 2600 කට මිල නියම වී තිබූ අතර , එය පහතරට තේ සඳහා ලැබුණු ඉහළම මිළ බවයි එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සඳහන් කළේය.

 

Related posts

අම්ෆන් කුණාටුවට හසුව ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට ‘සමුදුර’ නෞකාවේ සහාය

Mohamed Dilsad

සුජීවටත් එපා වුණ දේශපාලනය

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment