දේශීයප්‍රමුඛ පුවත 1

හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කෝවිඩ්-19) – ඊයේ (16) රාත්‍රී 8 සිට හෙට (18) අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලාත්මකව පවතී.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක වෙත ඊයේ රාත්‍රී 8.00ට ඇඳිරි නීතිය පැනවූ අතර එය හෙට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

සෙසු දිස්ත්‍රික්කවලට හෙට සිට ලබන 23 වන සෙනසුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 තෙක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

ඉන්දියාවේ මිය ගිය තරුණයෙකුට MonkeyPox

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස රාජිත සේනාරත්න යලි පත්වේ.

Mohamed Dilsad

Leave a Comment