දේශීය

නිවාස රැසකට තවදුරටත් විදුලි සැපයුම අඩාලයි

(UTV | කොළඹ ) – අයහපත් කාළගුණය හමුවේ විදුලි සැපයුම අඩාල වූ නිවාස 5000 කට තවදුරටත් සැපයුම අඩාල වී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි.

හම්බන්තොට, ගාල්ල, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්වල නිවාසවල විදුලිය සැපයුම එලෙස අඩාල වී ඇති බව එහි මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

දිවයිනට බලපෑ මහ වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 45000 කට පමණ ඊයේ (16) සහ පෙරේදා (15) දිනවල විදුලිය සැපයුම බිඳ වැටී තිබිණි.

සියලූ නිවාසවලට කඩිනමින් විදුලිය සැපයුම ලබාදෙන බව සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් කියාසිටියේය.

Related posts

රියදුරන් වැරදි කළොත් වැඩ වරදී! ලබන වසරේ ඉඳන් ක්‍රියාත්මක වන අලුත් තීන්දුව

Mohamed Dilsad

ජනාධිපතිවරයා, අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකාවලින් විකාශනය කරන්නේ නැහැ.

Editor O

රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්නා බවට පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment