විදෙස්

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයාගේ මළසිරුර හමුවෙයි

(UTV | ඊශ්‍රායලය) –  ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ ඩු වෙයි මහතාගේ මළසිරුර උතුරු ටෙල් අවිව් ප්‍රදේශයේ හෙර්ස්ලියාහි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී අද අළුයම සොයාගත් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය සහ පොලිසිය පවසයි.

මරණයට හේතුව නිල වශයෙන් හෙළිදරව් වී නොමැති අතර ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මූලික නිරීක්ෂණ අනුව තානාපතිවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් ලෙස අනාවරණය වී ඇති බව ද එම වාර්තා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් යුවාල් රොටෙම් මහතා චීනයේ නියෝජ්‍ය තානාපතිවරයාට සිය ශෝකය පළකර ඇති අතර චීන තානාපති කාර්යාලයට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත.

Related posts

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුට

Mohamed Dilsad

දකුණු ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් 17ක් මරුට

Mohamed Dilsad

ඇෆ්ගන් ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන්ගෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment