දේශීය

ඊයේ ආසාධිතයන් 21 න් 19 දෙනෙකු නාවික සෙබලුන්

(UTV | කෝවිඩ්-19) – ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඞ්-19 ආසාධිතයන් 21 දෙනාගෙන් 19 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබලුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 540 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ හඳුනාගත් අනෙක් ආසාධිතයන් දෙදෙනෙකු වාර්තාවී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර ඔවුන් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

Related posts

රුපියල තවත් බලවත් වෙයි

Mohamed Dilsad

ලීසිං සඳහාත් සහනයක් හිමිවන ළකුණු

Mohamed Dilsad

සෞඛ්‍ය වැඩ වර්ජන තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment