දේශීය

අම්ෆන් අද තවත් ප්‍රචණ්ඩ වෙයි

(UTV | කොළඹ ) – කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ගිණිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අම්ෆන් සුළිකුණාටුව අද දිනයේදී ඉතා චණ්ඩ සුළිකුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක.

එය අද (18) අලුයම 2.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 740 ක් ඊසාන දෙසින් පවතියි.

මේ හේතුවෙන් සබරගමුව, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වලට අද දිනයේදී මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

මේ අතර දිස්ත්‍රික් 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම අද පස්වරු 2 දක්වා බලාත්මකයි.

ගාල්ල , මාතර, රත්නපුර, කලුතර, කෑගල්ල, මහනුවර, කොළඹ, මාතලේ, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි කියාසිටියේය.

Related posts

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

හිටපු ජනපතිට ආරක්ෂාව දෙන්නැයි SLPP ජනපති රනිල්ගෙන් ඉල්ලයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment