දේශීය

කුවේටයේ සිටින ලාංකිකයන් පිරිසක් හෙට දිවයිනට

(UTV | කොළඹ ) – හෙට(19) දිනයේදී රැකියා සඳහා විදේශ වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්ත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු 448 පමණ පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තෙ විසින් විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් පරිදි මෙම පිරිස කුවෙට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් පැමිණෙන මෙම පිරිස හෙට දහවල් ශ්‍රී ලංකාවට ළඟා වන අතර ඉතිරි පිරිස හෙට රාත්‍රීයේ දිවයිනට පැමීණිමට නියමිතය.

Related posts

රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්

Mohamed Dilsad

එජාප අර්බුද විසඳන්න අදත් සාකච්ඡා

Mohamed Dilsad

අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment