දේශීය

විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම් යළි ආරම්භ කෙරේ

(UTV | කොළඹ)  – විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචිකර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කිරීමේ කටයුතු  2020 මැයි මස 20 වෙනි දින සිට යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙහි ප්‍රථම පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන අතර කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ලියාපදිංචි කිරිම තාවකාලිකව අත්හිටුවයි.

මේ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාලවල සාමාන්‍ය රාජකාරී ආරම්භ කර ඇති බැවින් රැකියා සඳහා ලියාපදංචිය කිරිම් ද එම ස්ථානවලදී සිදු කෙරෙයි.

එහිදී විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින, නැවත තම රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තුවන අය ලියාපදිංචියේදී ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංවි වීමට අවශ්‍ය මූලික ලියවිලිවලට අමතරව. දකුණු කොරියාව, ජපානය, කැනඩාව , ජර්මනිය යන රටවල සේවා යෝජකයන්  විසින් තමන් ලබා ගන්නා ශ්‍රී ලාංකිකයන් එම රටේ දී, නිරෝධායනයට ලක් කරන බවට නිකුත්කල සහතික කිරිමේ ලිපිය ද ලියාපදිංචි කිරිම සඳහා අවශ්‍ය වෙයි.

විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිමට අදාල සෙසු නිතී රිති සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වන අතර මැදපෙරදිග හා සෙසු රටවලට විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිම් ඉදිරියේදි ආරම්භ කිරිමටද නියමිතයි.

Related posts

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් [RELEASE]

Mohamed Dilsad

දුම්රිය රියදුරු වර්ජනයක්

Mohamed Dilsad

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් සහ විපක්ෂ නායක අතර හමුවක්

Editor O

Leave a Comment