දේශීය

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරීමට අවධානය

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සීමාවන් සහිතව පවතින අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ඒ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ‍ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්යය සාධක බලකාය හෙට (19) රැස්වීමට නියමිතව ඇති බවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සීමා කරන ලද පොදු ප්‍රවාහණ සේවාවන් පවත්වා ගෙන යාම සඳහා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය සතියේ ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරනු ලැබීය.

Related posts

පාසල් නැවත ආරම්භ කිරීමට උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

තුසිත හල්ලොලුව මහතාට ඇප

Editor O

ඊයේ ආසාදිතයන් 06 දෙනෙකු නාවික හමුදාවේ

Mohamed Dilsad

Leave a Comment