දේශීයව්‍යාපාරික

IOC ඉන්ධන ඇණවුම් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්ධන ලබාගැනීම තාවකාලිකව අත්හිටුවන බව ලංකා අයි.ඕ.සී. බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ හදිසියේම පෙට්‍රල් මිල ඉහළ දැමීම මෙම තීරණයට හේතුවූ බවයි එහි සභාපති සුසන්ත කෝසල සඳහන් කළේ.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් පහකින් ඉහළ දැමීමට අයි.ඕ.සී. සමාගම තීරණය කර තිබේ.

ලංකා අයි.ඕ.සී. බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ ත්‍රී වර්ගයේ ඉන්ධන මිලද රුපියල් 143 සිට 148 දක්වා ඉහළ දමන ලෙස ඉන්දියන් ඔයිල් සමාගම තමන්ට දැනුම්දී ඇති බවයි.

පෙට්‍රල් සඳහා මෙතෙක් පනවා තිබූ බදු ඉහළ දැමීම, ඉන්ධන මිල සංශෝධනයට හේතුවූ බව ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මනෝජ් ගුප්තා පවසයි.

Related posts

ජෝර්දානයේ සිදුවීමට අදාළව විදේශ සේවා කාර්යාංශයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින් – දෙවැනියට රත්නපුරින්

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ව්‍යාපාරික තාඹුගලට කඩුවෙල මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක්

Editor O

Leave a Comment