දේශීය

බලපෑමට ලක්වූ අවස්ථාවේ මෙරටට පැමිණෙන ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) –  බලපෑමට ලක් වූ අවස්ථාවක දී හැර, නැවත මෙරටට පැමිණීමේ සැලසුම් පිළිබඳව යළි සිතා බලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.

බලපෑම්වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වලින් ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස විදේශ ලේකම් සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ.

විදේශ අමාත්‍යංශය සහ රජය ජනතාව නැවත ගෙන්වා ගැනීමට උත්සාහ දරන අතරම, නැවත ආපසු පැමිණීමට අපේක්ෂා කරන මෙම පුද්ගලයින් කෙටිකාලීනව පැමිණීමට නොසිතා, ඔවුන්ගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා පිළිබඳව ඉතා ප්‍රවේසමෙන් තක්සේරු කළ යුතු බවත් ඔහු පවසයි.

මෙම සීමිත ඉඩ ප්‍රස්ථාව භාවිතා කිරීම සඳහා හොඳම කාලය මෙය නොවිය හැකි වන අතර, ඔවුන් මෙහි පැමිණෙන විට දින 21 ක් නිරෝධායනයට ද යා යුතුව බවද විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන්කර සිටියි.

 

Related posts

බදුල්ල මනාප ප්‍රතිඵලය

Editor O

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත දූත පිරිසක් පාකිස්තානයේ සංචාරයක

Mohamed Dilsad

මෙරටට පැමිණි යුක්රේන ජාතිකයින් තිදෙනෙක් ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment