දේශීය

බලන්ගොඩ බස් අනතුරකින් ගැබිණි මවක් ඇතුළු 05 කට තුවාල

(UTV | බලන්ගොඩ) – අද (18 ) පස්වරුවේ බලන්ගොඩ සිට මුල්ගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ලිස්සායාම හේතුවෙන් සිදුවූ අනතුරතින් ගැබිණි මවක් ඇතුළු 05 දෙනෙක් තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහළට ඇතුළත් කර ඇත.

අධික වර්ෂාව පැවති අවස්ථාවේ බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ වැඩිපිරිසක් කාන්තාවන් බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියට අදාළ පෞද්ගලික බස්රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර , අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව බළන්ගොඩ පොලීසිය පවසයි.

Related posts

අවධානම් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළිත් දීර්ඝ කරයි [RELEASE]

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාධිතයන් දස දෙනෙක් – සමස්ථ සංඛ්‍යාව 142 දක්වා ඉහළට

Mohamed Dilsad

නිතීඥවරයෙක් සමග ගැටුමක් ඇතිකරගත් පොලිස් කොස්තාපල්ට ස්ථාන මාරුවක්

Editor O

Leave a Comment