දේශීය

අම්ෆන් සුළිකුණාටුව තවත් ප්‍රචණ්ඩ වෙයි

(UTV | කොළඹ ) – අම්ෆන් සුළිකුණාටුව ඉතා චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙන අතරඑය ඊයේ (18) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 900 ක් ඊසාන දෙසින් පැවතියේය.

මේ හේතුවෙන් සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම හා වයඹ පළාත් වලට අද (19) දිනයේත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

මේ අතර දිස්ත්‍රික් 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇඟවීම අද පස්වරුව දක්වා බලාත්මකයි.

ගාල්ල, මාතර , රත්නපුර , කලුතර , කෑගල්ල ,මහනුවර , කොළඹ , මාතලේ , කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි කියාසිටියේය.

මේ අතර අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය විසිහතර තුල දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එබැවින් පුත්තලමේ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 ක් පමණ ඉහළ යා හැකි බව කාළගුණ නිවේදනයේ දැක්වෙයි.

ගිණිකොණදිග සහ යාබද නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශවල පැයට කිලෝමීටර් 100-150 දක්වා වන සුළං පැවති හැකි බවත් එය විටින් විට පැයට කිලෝමීටර් 200 දක්වා වැඩි විය හැකි බවත් එහි තවදුරටත් සඳහන් වේ.

මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

ජපානයෙන් මෙරටට ආධාර

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තු සේවකයන්ගේ රාජකාරී දින අඩු කරයි

Mohamed Dilsad

තැපැල් ඡන්දෙ කල්ගියේ මෙහෙමයි – ගංගානි ලියනගේ

Mohamed Dilsad

Leave a Comment