දේශීය

වසා දමා ඇති හෝටල් සහ ආපනශාලා විවෘත කිරීමට පියවර

(UTV | කොළඹ) – වසා දමා ඇති හෝටල් සහ ආපනශාලා ඉදිරි සතියේදී විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබාදෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ සංචාරක හෝටල්, ආපනශාලා හිමියන්, සංචාරක ක්‍ෂේත්‍රයේ සේවා සපයන විවිධ වෘත්තිකයින් අතර ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

රට තුළ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙලෙස ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

හෝටල් සහ ආපනශාලා හිමියන් ඉල්ලා ඇත්තේ කඩිනමින් සිය ආයතන විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි.

සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන මාර්ගෝපදේශ වලට අනුව සිය ආපන ශාලා විවෘත කර පවත්වාගෙන යාමට සංචාරක හෝටල් හිමියන් මෙහිදි එකගත්වය පල කර තිබේ.

Related posts

මැලේසියාවේ හිටපු අගමැති වරද පිළිගනී

Mohamed Dilsad

ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්

Mohamed Dilsad

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට ජීවිත තර්ජන..!

Editor O

Leave a Comment