දේශීය

ජල විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළට

(UTV | කොළඹ) – අම්ෆන් සුලි කුණාටුව නිසා මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ජලවිදුලි බලය උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජලවිදුලිබලය උත්පාදනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් කරන ලද විමසීමක් අනුව ඊයේ(19) පස්වරුව වනවිට විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශවල තත්ත්වය පිළිබඳව වාර්තාවක් අමාත්‍යවරයාට ලබා දී ඇත.

පසුගිය දිනවල පැවැති වියළි කාලගුණික තත්ත්වය නිසා ජලවිදුලිය උත්පාදනය සියයට 15 ත් 20 ත් අතර මට්ටමකට පහත වැටී තිබුණි.

ඊට හේතුව වුයේ නියගය නිසා ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහත වැටී තිබීමයි.

විදුලි බල මණ්ඩලය සඳහන් කළේ නමුත් ඊයේ දිනය වනවිට නැවතත් ජල විදුලිබල උත්පාදනය සියයට 31 ඉක්මවා ගොස් ඇති බවයි.

ඊයේ පස්වරුව වනවිට සියලූ ජලාශවල මෙගවොට් 668 ක් දක්වා ජල විදුලිය උත්පාදනය කළ හැකි මට්ටමට ජලයෙන් පිරී ගොස් තිබේ.

Related posts

CEYPETCO ඉන්ධන පිරවුම් හල් විදෙස් සමාගම්වලට ‘විකිණීමට’ සජබ දැඩි විරෝධය

Mohamed Dilsad

ජනාධිපතිගේ සම්පූර්ණ අය-වැය කතාව

Editor O

මෘදු මත්පැන් ගැන අද අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment