දේශීය

ඇඳිරි නීතිය කඩ කල පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – චේතනාන්විතව ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දහසකට පමණ මේ වනවිටත් දඬුවම් නියම කර ඇති බවයි.

ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් දාහත් දහස් එකසිය අනූ තුන් දෙනෙකුට නඩු පවරා ඇති බවත්, ඉන් හයදහස් හාරසිය අසූ දෙනෙකුට දඬුවම් නියම කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Related posts

රටේ ආර්ථිකය ගැන අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

Editor O

ඇඳුමට ගිනි ඇවිළී කාන්තාවක් මරුට

Mohamed Dilsad

රඹුක්කන පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ආයතනයේත් කොරෝනා රෝගීන් 19ක්

Mohamed Dilsad

Leave a Comment