දේශීය

අම්ෆන් සුළි කුණාටුවෙන් ලංකාවට ඇතිවූ බලපෑම ක්‍රමයෙන් පහව යයි

(UTV | කොළඹ) – අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට ඇතිවූ බලපෑම හෙට සිට අඩුවනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අම්ෆන් සුළි කුණාටුව බටහිර බෙංගාල වෙරළ තීරයෙන් ඉන්දියාවට කඩා වැදී තිබේ.

ඔදීශා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල වෙරළාසන්න ප්‍රදේශවලින් ලක්ෂ 6 කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති බව ද ඉන්දීය වාර්තා පවසයි.

කෙසේවෙතත් නුවරඑළිය , රත්නපුර , කෑගල්ල , කලුතර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි තවදුරටත් ඇති විය හැකියි.

දිස්ත්‍රික් 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

එමෙන්ම ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ධීවරයන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

 

Related posts

ආරක්ෂක හමුදා ගාලු මුවදොර විරෝධතා භූමියට

Mohamed Dilsad

විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට “විරු අභිමන්” නමින් රක්ෂණාවරණයක්

Mohamed Dilsad

Leave a Comment