ක්‍රීඩා

පන්දුව ඔප දැමීමේදී ඛේටය භාවිත කිරීම මින් පසු තහනම්

(UTV | කොවිඩ් 19) –  ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා ඒ ඇතුළු තවත් තීරණ රැසක් ගෙන ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන්නේ එහි ක්‍රිකට් කමිටුව විසින්ය.

ඒ අනුව ඛේටය හරහා වෛරසය ව්‍යාප්ති වීමට තිබෙන අවදානම පිළිබඳ අවධානය යොමු කරමින් පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණ ලෙසම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව ඒකමතිකව එකඟ වු බව එහි සභාපති පීටර් හාර්කෝට් පවසයි.

 

Related posts

මෙවර IPL තරඟාවලියේ දී හිමිකරුවන් කෝටි 483 ක් වියදම් කරයි

Mohamed Dilsad

චමරි අතපත්තු ක‍්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස්වේ..?

Mohamed Dilsad

ෂහීඩ් අෆ්රිඩි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment