දේශීයප්‍රමුඛ පුවත 1

දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයි

(UTV | කෝවිඩ්-19) – ලොව පුරා එක් දිනක් තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැඩිම සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ.

ගත වූ පැය 24 තුළ පමණක් වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 6000ක් හඳුනා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

බ්‍රසීලය, අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ ඉන්දියාව යන රටවල්වලින් ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මේ වන විට ලොව පුරා කොවිඩ් නයින්ටීන් ‍වෛරස ආසාදිතයින් පනස් ලක්ෂ 82,244 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් විසි ලක්ෂ 20,151 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවිමෙන් ලොව පුරා පුද්ගල මරණ තුන් ලක්ෂ 29,246ක් වාර්තා වී තිබේ.

Related posts

සූර්යය පැනල සවිකරගත් නිවාස හිමියන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි අවධානමකට ලක් කරන තීරණයක් ආණ්ඩුවෙන් ගනී

Editor O

සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කෙරේ

Mohamed Dilsad

කැරොලයින්ට සහ චූලාට ඇප

Mohamed Dilsad

Leave a Comment