දේශීය

ගුවන් තහනම ඉවත් කීරීමෙන් පසු රැකියා සඳහා සයිප්‍රසයට ඇතුළුවීමට යළි අවසර

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසයත් සමග පැනවූ ගුවන් ගමන් තහනම ඉවත් කිරීමෙන් පසුව විදේශ රැකියා නියුක්තිකයන්ට රැකියා සඳහා යළිත් සයිප්‍රසයට ඇතුළුවීමට අවසර ලබාදී ඇත.

මේ සඳහා ප්‍රකාශිත  සහනදායී කොන්දේසි මත එරට පැමීනීමට අවස්ථාව උදාවේ. මේ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද මෙම අවස්ථාව හිමිවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව, සයිප්‍රසයේ සේවය කිරීම සඳහා වලංගු වැඩ බලපත්‍රයක් සහිත ශ්‍රමිකයින්ට තමන් ලබා ගත් මාස 3ක නිවාඩුව අවසන් වන දිනය මාර්තු මස 15 න් පසු දිනයක් වේ නම්, යළි රැකියා සඳහා පැමිණීමේ හැකියාව පවතියි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සයිප්‍රස් නිර්වේතනික කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

වැඩි විස්තර සඳහා සයිප්‍රස් කොන්සල් ජනරාල් කාර්යාලයේ 00357 22550030 ඇමතීමෙන් ලබාගත හැකිය.

 

Related posts

ලංවිම විදුලි වර්ජනය තාවකාලිකව නවතී

Mohamed Dilsad

මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Mohamed Dilsad

කැබිනට් අමාත්‍යාංශ 7 ක් සඳහා නව ලේකම්වරු පත්කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment