දේශීය

ඉටුකම අරමුදලේ ශේෂය මිලියන 1136 ඉක්මවයි

(UTV | කොළඹ) – ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ.

ඒ අනුව එම අරමුදලේ ශේෂය රුපියල් 1,136,968,139.71 ක්  බව සඳහන්.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටින අතර නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා මෙම අරමුදලට දායකවිය හැක.

වැඩි විස්තර දැනගැනීම සඳහා 0760700700, 0112320880, 011,2354340, 0112424012 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැක.

Related posts

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අයට විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

ආචාර්යය, මහාචාර්යයවරු වැඩිවී පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියටත් අතපසුවීමක් වූ බව පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

Editor O

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

Leave a Comment