දේශීය

පවතින තත්ත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට දැනුම්දීමක්

(UTV | කොළඹ) – දැනට පවතින වත්මන් තත්ත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මැතිවරණ බලධාරීන්ට දැනුම්දීමක් සිදු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අද (22) ප්‍රකාශ වී තිබේ.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කල ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද 5 වන දිනටත් ආරම්භ වූ අවස්ථාවේදියි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ මේ පිලිබඳ තම සේවාදායකයා වන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් මගින් දන්වා ඇති බවයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම ආරම්භ විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එලෙස දැනුම්දීමක් කර තිබියදී මැතිවරණ කොමිසම, මැතිවරණය යළි කල් දැමීම ගැටළුසහගත බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

ප්‍රියමාලි සමග වැඩ කළ නිළියන් 3ක් මාට්ටු

Mohamed Dilsad

රියදුරන් වැරදි කළොත් වැඩ වරදී! ලබන වසරේ ඉඳන් ක්‍රියාත්මක වන අලුත් තීන්දුව

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් වරයා කල්මුනට යයි

Mohamed Dilsad

Leave a Comment