දේශීය

කොම්පඤ්ඤ වීදියේ නිවසක ගින්නක්

(UTV | කොළඹ) – කොම්පඤ්ඤ වීදිය, කුමරන් රත්නම් මාවතේ පිහිටි නිවසක අද (22) පෙරවරුවේ හටගත් ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

එම ගින්න මේ වනවිට මැඩ පවත්වා  ඇති අතර ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නොමැත.

මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ 04 ක් පිටත් කර ඇති බවත් අවට නිවාසවලට ගින්න පැතිර යාම වැළැක්වීමට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ආරක්ෂක අංශ සමත්ව ඇති බවත් සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Related posts

කටුනායක ගුවන්තොටුපල නව PCR පරීක්ෂණාගාරය විවෘත කෙරේ

Mohamed Dilsad

ආහාර විෂවීමකින් සේවකයින් 300කට අධික පිරිසක් රෝහලේ

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment