දේශීය

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

(UTV | කොළඹ)  – ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක 07ක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවා ඇත.

අද (22) පෙරවරු 2.30 සිට හෙට (23) පෙරවරු 2.30 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලත්මකයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බැවින් ඒ අනුව ඉදිරි කාලයේ නායයෑම් අනතුරු ඇති විය හැකි බවයි.

ඒ අනුව නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ , පස් කණ්ඩි වැටිමේ හා පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ ජනතාවට විමසිලිමත් වන්නැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

Related posts

අයථා ලෙස උපයාගෙන ඇති දේපළ රාජසන්තක කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ළඟදීම

Editor O

සජබ පා ගමන හෙට 9 මහනුවරින් අරඹයි

Mohamed Dilsad

හෙද පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment