විදෙස්

බ්‍රසීලයේ කොරෝනා මරණ 20,000 ඉක්මවයි

(UTV|කොවිඩ් 19) – බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 20, 047 දක්වා ඉහළ ගොස් ඇත.

එය ලොව 6 වන වැඩිම කොවිඞ්-19 මරණ සංඛ්‍යාව වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම, මහා බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයන් දින 14 ක ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කළහොත් ස්ටර්ලිං පවුම් 1000 ක දඩයකට යටත් කෙරෙන නව නීතියක් පනවා තිබේ.

මේ අතර, රැකියා අහිමිවූ ලක්ෂ 24 කට ආසන්න අමෙරිකානුවන් පිරිසක් පසුගිය සතියේදී ලියාපදිංචි වී ඇති බව එරට මාධ්‍ය පවසයි.

ඒ අනුව දැනට එරට රැකියා අහිමිවී ඇති මුලු සංඛ්‍යාව මිලියන 38. 6 කට ආසන්න වේ.

Related posts

ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

ජර්මනිය තුළ නොමිලේ සිදු කළ COVID-19 පරික්ෂණ නවතා දැමේ

Mohamed Dilsad

WhatsApp සඳහා නව විශේෂාංග

Mohamed Dilsad

Leave a Comment