දේශීය

ජාතික පොසොන් සතිය ලබන 2 සිට

(UTV | කොළඹ ) – ලබන දෙවැනිදා සිට 8 වැනිදා දක්වා ජාතික පොසොන් සතිය ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.

මෙවර පොසොන් උත්සවය සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නැයි, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ආරෝග්‍යයා පරමාලාභා යන තේමාව ඔස්සේ මෙවර පොසොන් පොහොය සැමරෙන අතර මිහින්තලාව කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය උත්සවය පැවැත්වෙන බව ඔහු පැවසී ය.

පුද්ගලයින් එක්රැස් කරමින් දන්සැල් පැවැත්වීමට මෙවර පොසොන් පොහොයේදී තහනම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් මත සියලු පුණ්‍ය කටයුතු සිදු කරන්නැයි විහාරස්ථානවලට උපදෙස් ලබාදී ඇති බව ඔහු පැවසුවේය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

Mohamed Dilsad

මහ මැතිවරණයේ වියදම මිලියන 7000 කට ආසන්නයි

Mohamed Dilsad

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment