දේශීය

රජයට අයත් භාවිතයට නොගත් ඉඩම් වගා සහ සත්ව පාලන කටයුතුවලට

(UTV | කොළඹ) –  රජයට අයත් භාවිතයට නොගත් හා ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනය සඳහා යොදාගැනීම සම්බන්ධ සාකච්ඡාවක්  ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ආර්ථික පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අතිශයින්ම වැදගත් වන ක්ෂේත්‍ර ලෙස කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, පශු සම්පත් හා ධීවර යන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර, මෙම ක්ෂේත්‍රයන්හි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය භූමි හඳුනා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමු විය.

මෙරට ගෘහස්ථ ආදායම රුපියල් 10,000ට අඩු පවුල් දෙලක්ෂ පනස්පන්දාහස් හත්සිය තිස් එකක් (255,731) වන අතර, රුපියල් 10,000 ත් 20,000ත් අතර ගෘහස්ථ ආදායමක් ලබන පවුල් පන්ලක්ෂ හැට අටදහස් හත්සිය පහලොවක් (568,715) පමණ වෙයි.

ඒ අනුව මෙරට පවුල් දස ලක්ෂයක පමණ ප්‍රමාණයක ගෘහස්ථ ආදායම වැඩි කරගැනීම ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ඉලක්කය වන බව එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවේ දී පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කෙරුණි,

බාහිර බලපෑමකින් තොරව මෙරට ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම, දරිද්‍රතාවය තුරන් කිරීම හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම.
අප රටේ ඇති ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් වගා කිරීම සඳහා ඇති ඉඩම් හඳුනා ගැනීම.
භූමියේ ස්වභාවය හා නිෂ්පාදන අවශ්‍යතාව මත වගා කළ හැකි බෝග හඳුනාගැනීම.
ඒ ඒ ආයතනවලට පවරා ඇති ඉඩම් ඵලදායී ලෙස යොදා ගැනීම.
ගෙවතු වගාව පුළුල් කිරීම මඟින් ගෘහස්ථ පරිභෝජනයට අමතරව දේශීය වෙළෙඳපොළ සඳහා නිෂ්පාදන ලබා ගැනීම.
අවිධිමත් ලෙස විවිධ ආයතන වෙත පවරා ඇති ඉඩම් විධිමත් කර ඒවා නිෂ්පාදන කටයුතු සඳහා යෙදවීම.
ධීවර කර්මාන්තය සඳහා ඵලදායී වැඩපිළිවෙලක් සකස් කිරීම.

 

 

Related posts

පොහොට්ටුවේ හම්බන්තොට ප්‍රසිද්ධ රැස්වීම් සීමා කිරීමට පියවර

Mohamed Dilsad

සුනිල් පෙරේරාගේ අභාවය වෙනුවෙන් ජනපති හා අගමැති ශෝකය පළ කරයි

Mohamed Dilsad

නව විදුලිබල පුනරුදයට ඇමරිකාවෙනුත් සහාය

Mohamed Dilsad

Leave a Comment