දේශීය

අන්තර් පළාත් බස් රථ ධාවනයට මෙතෙක් අවසර නැහැ – ලංගම

(UTV | කොළඹ) – අන්තර් පළාත් බස් රථ ධාවනයට සෞඛ්‍ය අංශ වෙතින් මෙතෙක් අවසරයක් ලැබී නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

එහ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා මේ බව කියා සිටියේ යටිනුවර ලංගම ඩිපෝවේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වගකිව යුතු පාර්ශවවලින් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මීට අමතරව , ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ අන්තර් පළාත් බස් ධාවනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කළ බවය.

ඊට අවසර ලබාදෙන්නේ නම් අඟහරුවාදා සිට අන්තර් පළාත් බස් ධාවනය සිදුකරන බවත් ඔහු පවසා සිටී.

Related posts

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

Mohamed Dilsad

ආණ්ඩුවේ ඉන්නේ වැඩබැරි ටාසන්ලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබූ තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment