දේශීය

කොළඹ වාහන තදබදයට ‘Park and Drive’ ක්‍රමවේදය නුදුරේදීම

(UTV | කොළඹ) –  කොළඹ නගරය තුළ පවත්නා දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස  ‘Park  and Drive’ ක්‍රමවේදය කඩිනමින් හඳුන්වා දීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.   

මෙහි අරමුණ වන්නේ සිය මෝටර් රථවලින් නගරයට එන කාර්යාලවල රැකියාවන්ට යන පිරිස්වලට ඔවුනගේ මෝටර් රථ තෝරාගත් ස්ථානයක නවතා තබා බස් රථවලින් ගමන් කිරීමට අවස්ථාව සැලසීමයි.

මේ සඳහා ගමනාගමන මණ්ඩලය හරහා ගත හැකි ක්‍රියාමාර්ග ගැන යෝජනා කරන ලෙසද උපදෙස් දෙමින් ජනාධිපතිවරයා ලංකා ගමනාගමන මණ්ඩලයේ බලධාරීන්ව දැනුවත් කිරීමට ඉකුත් බ්‍රහස්පතින්දා  (21) පියවර ගෙන තිබේ.

 

Related posts

ගම්බිම් බලා යාමට නොහැකිවූ පිරිසව පිටත් කර යැවීමට පියවර

Mohamed Dilsad

මීගොඩ වෙළඳසැල් හදිසි පරීක්‍ෂාවට

Mohamed Dilsad

අනවසරයෙන් රැගෙන ආ කහ කිලෝ 1000 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment