දේශීය

මෙවර පොසොන් පොහොය නිවසට වී වත්පිළිවෙත්වල යෙදෙන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – මෙවර පොසොන් පොහොය දිනයේ ද නිවසට වී වත්පිළිවෙත්වල යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ පොසොන් පොහොය දින විශේෂ ආගමික වතාවත් පැවැත්වෙන සිද්ධස්ථානවල සිට මාධ්‍ය ආයතන මඟින් සජීවි ආවරණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

එම නිසා වෙසක් පොහොය දින රට පුරා ආගමික වතාවත් ඉටුකළ ආකාරයෙන් මෙවර පොසොන් පොහොය දිනයේ ද ආගමික වතාවත්වල යෙදෙන මෙන් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය, ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Related posts

පළාත් කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට

Mohamed Dilsad

වී මිලදී ගන්නා අගයන් සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment