දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 62,500 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 62,677 ක් බවට පත්ව තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

මෙම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 17,612 කි.

ඊයේ පෙරවරු 6 සිට අද අලුයම 6 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 515 ක් වන අතර වාහන 152 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

ආනයනය කළ අලුත් වාහන 196 ක් ලබන සතියේ සිට වෙළෙඳපොළේ අළෙවියට

Editor O

දඹදිව වන්දනාවේ නිරතව සිටි 396 දෙනෙක් යළි දිවයිනට

Mohamed Dilsad

2020 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment