දේශීය

තවත් නාවිකයින් 10 දෙනෙකු රෝහල් වලින් පිටවේ

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (23) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 07දෙනෙකු නාවික මහ රෝහලින්ද, දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, එක් නාවික පුද්ගලයෙකු IDH රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

මෙම නාවික හමුදා පුද්ගලයින් 10 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 293ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

Related posts

ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේ

Mohamed Dilsad

කලුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

අද එන්නත් ලබාදෙන ස්ථාන

Mohamed Dilsad

Leave a Comment