දේශීය

කොළඹ – ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර බස් ධාවනය අඟහරුවාදා සිට

(UTV | කොළඹ ) – ලබන අඟහරුවාදා (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ද අවසර හිමි වන බැවින් අන්තර් පළාත් බස් සේවාද එදින සිට ආරම්භ කිරිමට සූදානම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

සෞඛ්‍ය අංශ විසින් ලබා දුන් සෞඛ්‍ය උපදෙස් අනුව අගහරුවාදා සිට අන්තර් පළාත් බස් රථ සේවා පවත්වා ගෙන යන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

ඒ සඳහා සම්පූර්ණ අවසරය බස් රථ සඳහා හිමිවන බවත් ලංගම බස් රථ ධාවනයට ද මේ වන විට සියලූ කටයුතු සුදානම් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආසන සඳහා පමණක් ජනතාව ප්‍රවාහනයට මෙහිදී අවසර හිමිවන අතර ඒ පිළිබඳ සොයා බැලීමට පොලීසිය හා ගමනා ගමන කොමිසම ක්‍රියාත්මක වනු ඇති අතර 26 වන දා සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්වල බස් රථ ධාවනය ආරම්භ නොවන බවයි ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේය.

Related posts

අද රෑ 10 සිට හෙට අලුයම 06 දක්වා ඇඳිරි නීතිය

Editor O

ක්‍රෙඩිට් කාඩ්වලින් සිදුකරන වංචාවක් පිළිබඳව තොරතුරු

Mohamed Dilsad

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment