දේශීයව්‍යාපාරික

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

(UTV | කොළඹ) –  සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය විසින් කටයුතු යොදා ඇත.  

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් ලබාදී ඇත.

සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සමාගම් සමග පසුගිය දා (22) පැවති සාකච්ඡාවක දී එම සංගම් නියෝජිතයන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංචාරක මාර්ගෝපදේශකයන් සදහා නීතිමය ආවරණයක් ලබා දෙන ලෙසයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය මෙරට සංචාරක මාර්ගෝපදේශකයන් තුන්දෙනෙකුට වැළදුණු බවත් ඉන් එක් අයෙකු මිය ගිය බවත් සාකච්ඡාවේ දී අනාවරණය විය.

මේ වන විට දිවයිනපුරා සංචාරක මග පෙන්වන්නන් 5000කට ආසන්න පිරිසක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබේ. මෙම සංචාරක මගපෙන්වන්නන් සදහා සහන පොළී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඊට අමතරව සංචාරක මාර්ගෝපදේශකයන් සදහා ගෙවනු ලබන දීමනාව දිනකට ඇමෙරිකානු ඩොලර් 35 දක්වා වැඩි කරන ලෙස ද එම නියෝජිතයෝ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related posts

ඉදිරිපත් කළ විරෝධතා තුනම ප්‍රතික්ෂේපයි : නාම යෝජනා දුන් 39 ම ජනාධිපතිවරණයට

Editor O

ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment