විදෙස්

අධිබල ලේසර් ප්‍රහාරක අවියක් ඇමරිකානු නාවික හමුදාව අත්හදා බලයි

(UTV | ඇමරිකාව) – ඇමරිකානු නාවික හමුදාව විසින් ගුවන් යානා සහ ඩ්‍රෝන යානා ගුවනේදීම විනාශ කළ හැකි නව අධිබල ලේසර් ප්‍රහාරක අවියක් සිය යුද නෞකාවක් විසින් සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය 16 වනදා එය පැසිෆික් සාගරයේ දී අත්හදා බැලූ බව ඇමරිකානු නාවික හමුදාව ප්‍රකාශ කළ ද එය සිදුකළ නිශ්චිත ස්ථානයක් හෙළිදරව් කර නොමැත.

එහි පැසිෆික් බලකායට අයත් යූ.එස්.එස්. පෝට්ලන්ට් යුද නෞකාව අත්හදා බැලූ එම අවිය නව ලේසර් තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිපදවනු ලැබූවක්.

මේ අතර වොෂින්ටන් පෝස්ට් පුවත්පත අනාවරණ කරන්නේ රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකිරීම පිළිබදව ඇමරිකානු ජනාධිපතිගේ පරිපාලනය සාකච්ඡා කර ඇති බවයි.

Related posts

චිලීහි ලැව් ගිනි වලින් නිවාස දහස් ගණනක් විනාශයි

Mohamed Dilsad

වසර 10කට පසු ‍’තමිල්නාඩුවේ’ බල පෙරළියක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 46 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment