දේශීය

අනිද්දා සිට කොළඹට පැමිණෙන බස් රථ නවත්වන ස්ථාන මෙන්න

(UTV | කොළඹ) –  කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා අඟහරුවාදා (26) සිට ආරම්භ කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට හා ලංකා ගමනා ගමන කොමිසමට උපදෙස් ලබා දුන්නේය.

සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුව මෙම බස් රථ සේවා ආරම්භ කරනු ඇත.

අද (24) පෙරවරුවේ ජාතික ගමනාගමන කොමිසමේ පැවති සාකච්ඡාවක් ගනු ලැබූ තීරණ ,

  • මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකෙරේ.
  • නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙනුයේ නිට්ටඹුව දක්වා පමණි.
  • කොළඹ 05 පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කෙරේ.
  • ගාලුපාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර තෙක් පමණි.
  • අවිස්සාවේල්ල හරහා කොළඹට හයිලෙවල් හා ලෝ ලෙවල් පාරේ ගමන් කරන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් නතර කළ යුතුය.
  • අනුරාධපුර – පුත්තලම හා කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට එන අන්තර් පළාත් බස් රථ මීගමුවෙන් නතර කළ යුතුය.
  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණි.
  • බස් රථ ධාවනය පෙරවරු 4.30ට ආරම්භ කෙරෙන අතර අවසන් වේලාව පස්වරු 6.00 වෙයි.
  • ​​​​​​​මෙම බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණි.

එම බස් රථ වල ගමනාන්තය ලෙස පැහැදිලිවම ඉදිරිපස වීදුරුවේ බස් රථය නවත්වන අවසාන ස්ථානය සඳහන් කළ යුතු අතර , මුව ආවරණ සෑම මඟියෙක් විසින් පැළඳිය යුතුය.

ජාතික ගමනාගමන කොමිසම විසින් බස් රථවල දැනට බලපත්‍ර වලංගු කාල සීමාව ජූනි 30 දක්වා දීර්ඝ කර තිබේ.

Related posts

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම යළි ඇරඹේ

Mohamed Dilsad

හිටපු ජනපති හා අගමැතිට විරෝධතා ගොනුකිරීම මාර්තු 6 දක්වා

Mohamed Dilsad

ඊයේ වැඩිම ආසාදිතයන් කළුතර දිස්ත්‍රික්කයෙන් – කොළඹ දෙවැනි තැනට

Mohamed Dilsad

Leave a Comment